පළාත් පාලන මහජන නියෝජිත හමුවක්

Aug 20, 2019 09.24am
feature-top
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සඳහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව මාතර, හම්බන්තොට, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිත හමුවක් ඊයේ(19) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, එජාප ජාතික සංවිධායක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී හා වරාය නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරු ප්‍රමුඛ දේශපාලනඥයන් විශාල පිරිසක් සහභාගි වූහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »