O\L සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් සැප්තැම්බරයට පෙර

Jul 08, 2019 09.18am
feature-top
ලබන සැප්තැම්බර් මාසය වන විට මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ගේ සියලු ජාතික හැඳුනුම්පත් නිකුත් කර අවසන් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
අයදුම්පත්වලින් 90 % ක් පමණ මේ වනවිට ලැබී ඇති බවත් , සාමාන්‍යයෙන් වසරකට සාමාන්‍ය පෙස සිසුන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් තුන් ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරන බවත් එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා කියා සිටියේය.
 
මේ අතර එක් දින සේවයද ඇතුලු හැඳුනුම්පත් නිකුත් කිරීමේ සියලු සේවා අද (08)  සිට සාමාන්‍ය පරිදි ක්‍රියාවට නංවන බවද වියානි ගුණතිලක මහතා පැවසීය.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »