විධායක නිළධාරීන් කිහිප දෙනෙකු ජනපති කොමිසම හමුවට
Jul 04, 2019 11.35am

නාගරික සංවර්ධන අධිකාරියේ මූල්‍ය නිලධාරිවරයා රජයේ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබේ.
ඒ, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නීත්‍යානූකූලව රජයට පවරා නොගෙන රජයේ මුදල් වැය කරන බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සඳහායි.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නීත්‍යානූකූලව රජයට පවරා නොගෙන රජයේ මුදල් වැය කරන බවට, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කෙරෙනු ඇති.
මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණාවරණය සිසුන්ට ලබාදීමේදී සිදු ව ඇතැයි පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විභාග වන පැමිණිල්ලකට අදාළව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂවරයා ද අද කොමිසම හමුවට කැඳවා තිබේ.
සුරක්ෂා රක්ෂණාවරණය සිසුන්ට ලබාදීමේදී රුපියල් මිලියන 2,300 ක මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි පවසමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසිනි.
හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් ගොනු කළ තවත් පැමිණිල්ලකට අදාළව අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ වත්මන් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චිට අද ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි දැනුම් දී තිබේ.
මේ අතර මන්නාරම දිස්ත්‍රික්කයේ ඉඩම් විශාල ප්‍රමාණයක් සිය ඥාතීන්ට සහ ඔවුන්ගේ සමාගම් නම්වලින් මිලදී ගෙන ඇති බවට හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකට පැමිණ සාක්ෂි ලබා දෙන්නැයි රෙජිස්ටාර් ජනරාල්වරයාට දැනුම් දී ඇත.
කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙම පැමිණිල්ලට අදාළව පොලිස් ඒකකය සිය භාරයට ගෙන ඇති ඔප්පු 68 ක ලියාපදිංචිය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවයි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ, නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසිනි.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

චම්පිකගේ රියදුරු අත්අඩංගුවට..?
2019-12-16 10:21:00අත්අඩංගුවට ගන්නවාට බිය වූ හිටපු චන්ඩියා රෝහලක නවතින්න දුවයි..
2019-12-16 09:24:00ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්ෂක ලේකම් රනිල් හමුවේ..
2019-12-16 09:23:00සජිත් පිල කුල්ල කුජීතු කරමින් එජාපය සජිත්ට ගෝටාභය පෙන්වා ගහයි..
2019-12-16 09:22:00මෛත්‍රී වැඩ කලේ සජිත් දිනවන්නයි.. මං ඔහුට නඩු දානවා..- ෆවුසි පොල්ල ගනී…
2019-12-16 09:20:00විනෝද සමය අද සිට යලිත් ඇරඹෙයි.. ‘තැන්කියු’ ජනරැලි සමගින් සජිත් රට වටා..
2019-12-16 09:18:00සජිත් අගමැති අපේක්ෂක ලෙස එජාපය විසින් නම් කරයි..
2019-12-16 09:18:00සුදු වෑන් මාධ්‍ය හමුවට ආ දෙදෙනා හෙට අධිකරණයට
2019-12-16 09:16:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com