ජාතිවාදය ඇවිස්සීම බුදු දහමට විරුද්ධයි
Jun 29, 2019 09.47am

ජාතිවාදය ඇවිස්සීම, උපවාස කිරීම බුදු දහමට විරුද්ධ බවත්, සුළු සිද්ධි විශාල කර පෙන්වීමට මාධ්‍යට හැකි වුවත් නිගණ්ඨ නාග පුත්‍රයකු බුද්ධ පුත්‍රයකු කිරීමට මාධ්‍යට නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
සුළු සිද්ධි නිසා උපවාසවල යෙදෙන භික්ෂූන් වහන්සේලා ඇතුළු උදවිය තමා අනුමත නොකරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ(28) ලග්ගල නව නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළෙහි පැවති ඉඩම් හිමිකම්පත් සහ සමෘද්ධි සහනාධාර ලබාදීමේ උත්සවයට එක්වෙමිනි. ලග්ගල ප්‍රදේශයේ සංවර්ධන වැඩකටයුතු කීපයක් ජනතා අයිතියට පත්කිරීම ද අගමැතිවරයාගේ සුරතින් සිදුවිය.
ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ රුපියල් මිලියන 22ක වියදමින් විල්ගමුව මාරක මහා විද්‍යාලයේ ඉදිකළ තෙමහල් පතිකාමර සහිත ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිසු අයිතියට පත්කළේය.
ලග්ගල ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව නාවුල ශ්‍රී බෝධිමළු විහාරයේ හිමිපාණන් වහන්සේ බැහැදැක ආගමික වතාවත්වල නිරත විය.
නාවුල ගොඩිගමුව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුල්ගල තැබුවේය. ඒ සඳහා රුපියල් මිලියන 223ක මුදලක් ලබාදී තිබේ. එම වැව මගින් ගොවි පවුල් 200කට ජලය ලැබෙන අතර වී අක්කර 60ක් සහ අතිරේක බෝග අක්කර 100ක් සඳහා ජලය ලබාදෙනු ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
දැන් රටේ ජාතිවාදයට අමතරව උපවාසයත් කරනවා. මට ස්වාමීන්වහන්සේ කෙනෙක් කිව්වා උපවාස කරන එක බෞද්ධ ධර්මයට අපහාසයක් කියා. උපවාස කර මියයන්නේ නිගණ්ඨයෝ විතරයි කිව්වා. අපිට බෞද්ධයන් ලෙස නැවත ජීවිතය ගන්නත් බෑ, වෙන ජීවිත ගන්නත් බෑ. නිගණ්ඨයන්ට තමන්ගේ ජීවිතය ගන්න පුළුවන්. නිගණ්ඨ නාග පුත්‍ර තමන්ගේ ජීවිතය අරගත්තා. නිගණ්ඨයෙක් ලෙස හිටි බිම්බිසාර රජ්ජුරුවෝ උපවාස කර මැරුණා. උපවාසය කරන එක අපේ ආගමට විරුද්ධයි, ජාතිවාදය අදින එක අපේ ආගමට විරුද්ධයි. අපි නිගණ්ඨයන්ගේ ආගම පිටුපස යන්න උවමනා නෑ.
මාධ්‍යට සුළු සිද්ධියක් විශාල ලෙස ලොකු කර පෙන්වන්න පුළුවන් ඒත් මාධ්‍යට බෑ නිගණ්ඨ නාග පුත්‍රයෙකු බුද්ධ පුත්‍රයෙකු කරන්න. ඒ ගැන විශේෂයෙන්ම ඔබට මතක් කරනවා.
ලග්ගල රෝහලේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා මා සහභාගී වුණා. එම රෝහල දියුණු කර ජාතික මට්ටමේ රෝහලක් කර දෙන ලෙස රෝහිනී විජේරත්න මහත්මිය කළ ඉල්ලීම මම හැකි ඉක්මනින් ඉටුකරදීමට බලාපොරොත්තු වනවා.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

චම්පිකගේ රියදුරු අත්අඩංගුවට..?
2019-12-16 10:21:00අත්අඩංගුවට ගන්නවාට බිය වූ හිටපු චන්ඩියා රෝහලක නවතින්න දුවයි..
2019-12-16 09:24:00ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්ෂක ලේකම් රනිල් හමුවේ..
2019-12-16 09:23:00සජිත් පිල කුල්ල කුජීතු කරමින් එජාපය සජිත්ට ගෝටාභය පෙන්වා ගහයි..
2019-12-16 09:22:00මෛත්‍රී වැඩ කලේ සජිත් දිනවන්නයි.. මං ඔහුට නඩු දානවා..- ෆවුසි පොල්ල ගනී…
2019-12-16 09:20:00විනෝද සමය අද සිට යලිත් ඇරඹෙයි.. ‘තැන්කියු’ ජනරැලි සමගින් සජිත් රට වටා..
2019-12-16 09:18:00සජිත් අගමැති අපේක්ෂක ලෙස එජාපය විසින් නම් කරයි..
2019-12-16 09:18:00සුදු වෑන් මාධ්‍ය හමුවට ආ දෙදෙනා හෙට අධිකරණයට
2019-12-16 09:16:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com