ආරක්ෂාව තහවුරුයි වැඳ පුදා ගන්න අනුරපුරට එන්න

Jun 14, 2019 09.10am
feature-top
ආරක්ෂක අංශ ජනතාවට කියයි

තව දින දින දෙකකින් එළැඹෙන පොසොන් දිනය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය අටමස්ථානය ඇතුළු සියලු පූජනිය ස්ථානවල ආරක්ෂාව තහවුරු කර ඇති බව ආරක්ෂක අංශ පවසයි.

කිසිදු බියකින් තොරව ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාසය තබා ආගමික කටයුතුවල යෙදීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇති බවද ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටියි.

යුද්ධ හමුදාවේ පමණක් හාරදහසක පමණ පිරිසක් ද, නාවික හමුදාව සහ ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය පොලීසිය ඇතුළු සෙසු ආරක්ෂක අංශවලින් තවත් දස දහසක පමණ පිරිසක් ද ආරක්ෂක කටයුතුවලට යොදවා තිබේ.

අනුරාධපුර අටමස්ථාන සහ මිහින්තලය සහ ඒ අවට ප්‍රදේශවලත් සමස්තයක් වශයෙන් අනුරාධපුර නගරය අවට ප්‍රදේශවලත් මේ වන විට යුද්ධ හමුදාව මගින් දිගින් දිගටම මෙහෙයුම් දියත් කර ඇති අතර පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු රට පුරා දියත් කර ඇති මෙහෙයුම්වලට අමතරව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

පොලීසිය සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරීන්මෙන්ම බුද්ධි අංශ නිලධාරීන්, ජංගම පොලිස් මෙහෙයුම් අංශ ඇතුළු පොලීසිය අංශ රැසකින් ආරක්ෂක කටයුතුවල යෙදී සිටිති. ඒ අතර සෙසු ආරක්ෂක අංශ මෙම ආරක්ෂක වැඩපිළිවෙළට සමඟාමීව ඔවුන්ගේ මෙහෙයුම් කරගෙන යයි.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ සෑම පුද්ගලයකුම පරීක්ෂාවට ලක් කරන අතර, පූජනිය ස්ථාන අසලට විශාල ප්‍රමාණයේ ගමන් මළු ආදිය ගෙනයාමේ අවස්ථාව නොලැබෙන බවත් තෙල් මල් පහන් ආදිය පමණක් ගෙන යාමට හැකියාව ඇත. පූජනිය ස්ථාන අවට වැද පුදා ගැනීමෙන් අනතුරුව නිකරුනේ ගැවසීමට ඉඩ නොලැබෙන අතර, වන්දනා බස් රථ ආදියද පරීක්ෂාවට ලක් කරන අතර ඒවා ගාල් කිරීමට ස්ථාන හඳුන්වා දී තිබේ. තම තමන් සමඟ යන එන අය පිළිබද දැඩි අවධානයෙන් පසුවන ලෙස ද බැති මතුන්ට දැනුම් දෙයි.

කෙසේ වෙතත් පොලීසියත්, හමුදාවත් අති විශාල ප්‍රමාණයක් මෙසේ ආරක්ෂක කටයුතුවල යෙදී සිටින අතර, ආරක්ෂක බුද්ධි අංශ නිලධාරීන් ද සිය මෙහෙයුම් මේ වන විටත් එම ප්‍රදේශවල ක්‍රියාත්මක කර ඇත.

අනුරාධපුර පමණක් නොව සෙසු සියලුම පූජනිය ස්ථාන අවට ආරක්ෂාවට හමුදාවත් පොලීසියත් සෙසු ආරක්ෂක අංශ නිලධාරී

න් යොදවා තිබේ. මෙම ආරක්ෂක වැඩපිළිවෙළ තහවුරු කර ගැනීමට මහජනතාවගේ සහයෝගය ලබා දෙන ලෙස ද සියලු ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »