පෞද්ගලික දේශපාලන න්‍යාය පත්රවලට සංවර්ධනය යටපත් කරන්න දෙන්නේ නෑ
Jun 13, 2019 09.29am

පෞද්ගලික දේශපාලන න්‍යාය පත්රවලට රටේ සංවර්ධනය යටපත් කිරීමට ඉඩ දිය නොහැකි බව ජනපති පවසයි. රට ගොඩනංවන වාපි, කෘෂි, අධ්‍යාපන සහ කර්මාන්ත සංග්රාම යටපත් කරමින් මතුව ඇති වෛරයේ සහ පෞද්ගලික දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට දරන සංග්රාම හේතුවෙන් රටේ සංවර්ධනය යටපත් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මෙම පෞද්ගලික දේශපාලන අරමුණුවලට රටේ සංවර්ධනය සහ ජනතා අවශ්‍යතා යටපත් කිරීමට ඉඩ දිය නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ,සාරවත් දේශයක වාපි සංග්‍රාමය, එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාවට ඊයේ (12) පස්වරුවේ එක්වෙමිනි.
පුරන් කුඹුරු අක්කර 3000ක් අස්වද්දමින් පවුල් දහසක කෘෂි ආර්ථිකය සවිබල ගන්වමින් සමගාමී වැව් අමුණු 21ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය කුරුණෑගල බටහිර පඬුවස්නුවර පිහිටි කොටකිඹුලාකඩ අමුණු අසල දී අද ආරම්භ කෙරිණි.
සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් පළමු පස්පිඩැල්ල කපා වාරි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේය.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පරිසරය සහ වන සම්පත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් තීන්දු තීරණ රැසකට එළැඹියේ රටේ ජනතාවගේ හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කිරීමට බවයි. එම තීන්දු තීරණ පිළිබඳ තමාට පහර දෙමින් අපවාද එල්ල කළ ද වන සම්පත රැක ගැනීමේ වගකීම කිසිවෙකුට බැහැර කළ නොහැකි වගකීමක් බවට අද පත්ව තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. රටක් ලෙස අපට ඉදිරියට යා හැක්කේ රටේ කෘෂිකර්මාන්තය ගොඩනංවා ගොවියා ශක්තිමත් කිරීමෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට වාපි ක්ෂේත්රය සහ කෘෂි ක්ෂේත්රය වෙනුවෙන් ඉටුකළ හැකි සෑම වගකීමක් ඉටුකරමින් අතීත ශ්‍රී විභූතිය රටට උදාකර දීමට කැපවන බව ද අවධාරණය කළේය.
කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් බැංකු මගින් ගොවීන් වෙත සහන ණය ලබාදීම , ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන සුළු වාරිමාර්ග ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණ වැඩසටහන යටතේ කළුවර පැළ 200 ක් වගාකිරීම සංකේතවත් කරමින් ගොවින් වෙත එම පැළ බෙදාදීම සහ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කිහිපයකට අදාළව ප්රතිලාභ ලබදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සංකේතවත් කෙරිණි. ආර්.ඩී ජනිත් මධුසංඛ සිසුවා විසින් සිතුවමට නඟන ලද ජනාධිපතිවරයාගේ රුව රැගත් චිත්‍රයක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, ශාන්ත බණ්ඩාර, ධර්මසිරි දසනායක, අතුල විජේසිංහ, එස්.බී නාවින්න යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයෝද රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

ලොවම කැළඹු ස්ත්‍රී දුෂකයින් සිව්දෙනා පොලිස් වෙඩි පහරින් මරුට
2019-12-06 08:42:00
ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 200ක වැසි
2019-12-06 08:40:00ජනපති ඝාතනයට කුමන්ත්‍රණය කළ සැකකරු ගැන තවත් තොරතුරු හෙළි වෙයි
2019-12-06 08:39:00බිම් බෝම්බයක් හමුවෙයි…
2019-12-05 06:00:00බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේ
2019-12-05 04:34:00විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට
2019-12-05 04:33:00විජිතමුණිගේ මන්ත්‍රී ධුරය අහෝසි කරයි.. මැතිවරණ කොමිසමට දන්වයි..
2019-12-05 04:05:00රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…
2019-12-05 03:09:00එජාප අර්බුදයට සජිත් පිල අදම තීන්දුවක් ඉල්ලයි
2019-12-05 03:08:00කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට
2019-12-05 01:09:00වැලි පස් හා මැටි ප්‍රවාහනයේ සීමා ලිහිල් කළ හේතුව ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්
2019-12-05 01:08:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com