සැහැල්ලු දුම්රියට ජපානයේ ඩොලර් මිලියන 400 ළඟදීම

Jun 01, 2019 09.06am
feature-top
රටේ ආරක්ෂක තත්ත්වය තහවුරුවී තිබෙන බැවින් සැහැල්ලු දුම්රිය සේවාව රට තුළ ඇරැඹීමට ජපානය ඩොලර් මිලියන හාරසියයක මූල්‍යමය ප්‍රදානය ඉදිරි දිනවල දී ලබාදීමට ක්‍රියා කරගෙන යන බව පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා පැවැසීය. රටේ සංවර්ධනය වේගවත්ව සිදු කිරීමට රජය ක්‍රියා කරගෙන යන බවත්, නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

සහනදායී පොලී අනුපාතයකට ජපානය මේ මුදල් ලබාදෙන බව පැවැසූ නියෝජ්‍ය ඇමැතිවරයා, අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට විශාල මූල්‍යමය දායකත්වයක් ලබා දුන් බවත් සිහිපත් කළේය.

ආණ්ඩුව සමඟ ඉතා හොඳ ශක්තිමත් ජාත්‍යන්තර සබඳතාවක් පවතින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා මේ බව පැවැසුවේ ඊයේ (31) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »