ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරූ අයට අධිකරණය හමුවේ පෙනීසිටීමට සිතාසි

May 09, 2019 09.42am
feature-top
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාට ලබන 31 වෙනිදා යාපනය අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පසුගිය 2018 වසරේ උපන් දිනය සැමරීම සඳහා ශිවාජිලිංගම් මහතා සහ හා වැල්වෙට්ටිතුරේ නගර සභාවේ සභාපති කේ.කරුණානන්දරාසා මහතා යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රභාකරන්ගේ නිවස පිහිටි ස්ථානයට ගොස් කේක් කපා උපන්දිනය සිහිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ත්‍රස්තමර්දන ඒකකය විසින් සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව මෙම නඩුව පවරා තිබේ.

මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ උපන්දිනය සැමරීමේ අවස්ථාවට බාධා කොට කේක් ගෙඩිය හා මල් කළඹ රැගෙන යන ලද අතර ඔවුන් දෙදෙනාව වැල්වෙට්ටිතුරේ පොලීසිය වෙත කැඳවා ගෙන ගොස් ප්‍රකාශ දෙකක් ලබාගෙන ඔවුන්ව නිදහස් කොට තිබුණි.

පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මාස හතරක් තිස්සේ සිදු කරණ ලද පරීක්ෂණ වලින් පසුව හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාට හා වැල්වෙට්ටිතුරේ නගරාධිපතිවරයාට එරෙහිව නඩු පවරා තිබේ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »