පාලම්-ගුවන් පාලම්වලට දැඩි රැකවල්

May 04, 2019 10.03am
feature-top
කොළඹට ඇතුළු වන පාලම් සහ ගුවන් පාලම් පිපිරවීමේ ඉලක්කයක් ත්‍රස්තවාදීන් සතුව පවතින බවට ආරක්ෂක බුද්ධි අංශ තහවුරු කරගෙන තිබීම හේතුවෙන් ආරක්ෂක අංශ මගින් රට පුරා සිදු කරනු ලබන ඒකාබද්ධ මෙහෙයුම් හරහා මේ ගුවන් පාලම් සහ පාලම්වල ආරක්ෂාව ඉතාමත් උපක්‍රමශීලීව තහවුරු කර තිබේ.

මේ තොරතුරු හෙළි කර ගැනීමටත් පෙර සිට ආරක්ෂක අංශ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේය.

තවුහිඩ් ජමාත් ත්‍රස්තවාදීන් විසින් ආගමික වශයෙන් ආර්ථික සහ සමාජීය වශයෙන් විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකර රටට හානි සිදු කිරීමට සූදානමින් සිටින බවට බුද්ධි අංශ මගින් තොරතුරු හෙළි කරගෙන ඇත.

කොළඹ සහ ඒ අවට ගුවන් පාලම්වලට බෝම්බ අටවා සහ මරාගෙන මැරෙන බෝමබ ප්‍රහාර එල්ල කර විනාශ කිරීම ද එම ත්‍රස්ත සැළසුම්වල එක් කොටසකි.

පොලිස් බුද්ධි අංශ මගින් හෙළි කරගනු ලැබූ මේ ගුවන් පාලම් පිපිරවීමට අදාළ තොරතුරු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා නාවික හමුදාපතිවරයා සහ පළාත් කොට්ඨාස බාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද දැනුවත් කර තිබේ.

මේ වන විටත් සියලු ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ ගුවන් පාලම්වල සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කර ඇති අතර, ඒ යටතේ එම ප්‍රදේශවල සහ ගුවන් පාලම් හරහා සහ ගංගාවන් හරහා ඇති පාලම්වල ආරක්ෂාවට නාවික හමුදාවේ බෝට්ටු යොදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »