සහ්රාන්ගේ සමීපතමයෙකු මරඳමුණේදී අත්අඩංගුවට

Apr 30, 2019 11.06am
feature-top
තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහ්රාන් සමග සමිප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කල්මුණේ, මරඳමුණ, අස්රොෆ් පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීය.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී ආගමික පොත්පත් ලෙස අනුමාන කළ හැකි ග්‍රන්ථ 03 ක්, ජංගම දුරකතන, සිම්කාඩ් ඇතුළු තවත් උපකරණ රැසක් සිය භාරයට ගත් බවයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ විමර්ශන ඒකකය වෙත භාරදී තිබේ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »