ගතවූ පැය 24තුළ සැකකරුවන් 20ක් අත්අඩංගුවට

Apr 27, 2019 11.08am
feature-top
ගතවූ පැය 24 තුල පොලිසිය හා ත්‍රිවිධ හමුදාව විසින් එක්ව සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
 
ඒ පසුගිය පාස්කු ඉරිදා එල්ලවු බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලදී.
 
ඒ අනුව,
 
01. පොළොන්නරුව 02
02. මිරිහාන 02
03. කොම්පඤ්ඤවීදිය 03 (මන්නා සහ කඩු සමඟ)
04. කොල්ලුපිටිය 01 (යුධ හමුදා කැලෑ ඇඳුම්වලට සමාන ඇඳුම් සමඟ)
05. බණ්ඩාරවෙල 01( එකම අංකය සහිත යතුරු පැදි 2ක් සමඟ)
06. කාන්තන්කුඩි 01
07. දෙහිවෙල 02 ( සැකකටයුතු යතුරු පැදියක් සමඟ)
08. මාවනැල්ල 03
09. අළුත්ගම 01
10. පුවරසන්කුලම් 01
11. වැල්ලවත්ත 03 ( නාවික හමුදා නිලධාරින් විසින් පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.)
 
ඒ ඒ පොලිස් ස්ථාන මඟින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලැබේ.
 



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »