දුම්රිය වර්ජනය අත්හිටුවයි

Apr 10, 2019 08.51am
feature-top
දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයේ (9) මධ්‍යම රාත්‍රියේ සිට පැවැත්වීමට තිබූ පැය 48ක වැඩ වර්ජනය ප්‍රවාහන ඇමැතිවරයා සමඟ ඊයේ සවස පැවැති සාකච්ඡා‍වකින් පසු අත්හිටුවා ඇත.

මෙම වැඩ වර්ජනය පැවැත්වීමට හේතුවූයේ ශ්‍රේණි විෂමතාව ඉවත් කරන ලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබියදීත් එයට විසදුමක් ලබා නොදීම හේතුවෙනි.

ප්‍රවාහන ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී මුදල් ඇමැතිවරයා සමඟ ලබන 18 වැනි දින සාකච්ඡා කොට කඩිනමින් විසඳුමක් ලබාදෙන බවට දුන් පොරොන්දුව මත වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ අනුව දුම්රිය ලොකොමොටිව් ඉංජිනියරින් රියදුරු සංගමය, දුම්රිය නියාමකවරුන්, දුම්රිය පාලකවරුන්, දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය තාක්ෂණ නිලධාරීන් ඇතුළු සියලු සේවකයින් සාමාන්‍ය පරිදි සේවයේ නිරත වන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »