කොතලාවල පිරවුම්හලක් කොල්ලකයි

Apr 03, 2019 08.46am
feature-top
නවගමුව පොලිස් වසමේ කඩුවෙල, කොතලාවල ප්‍රදේශයේ ඉන්ධන හලකින් රුපියල් 30,000ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් ඊයේ(02) රාත්‍රියේ දී වාර්තාවේ.
 
යතුරු පැදියකින් මුහුණු ආවරණය කර පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අහසට වෙඩි තබා සේවකයින් බිය ගන්වා මේස ලාච්චුවේ තිබූ මුදල් මෙලෙස කොල්ලකා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
 
සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැත. මෙම සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බව සදහන් වේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය මගින් මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »