ඩුබායිවලින් පිටුවහල් කළ තවත් දෙදෙනෙක් දිවයිනට

Apr 02, 2019 12.43pm
feature-top
මාකඳුරේ මදූෂ් සමඟ බුඩායි පොලිසියේ අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කළ තවත් දෙදෙනෙක් අද(02) උදෑසන යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
 
කොළඹ 12 පදිංචි 48 හැවිරිද මොහොමඩ් සිද්ධික් මොහොමඩ් ෂියාම් සහ කඹුරුපිටියේ පදිංචි 40 හැවිරිදි ලංකා රජිත පෙරේරා යන සැකකරුවන් මෙලෙස දිවයිනට පැමිණ ඇත.
 
කටුනායක ගුවන් තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මූලස්ථානය පවසයි.
 
මේ වන විට අදාළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »