බීමත් රියැදුරන්ට දැල අද විශේෂ මෙහෙයුමක්

Mar 11, 2019 09.23am
feature-top
රාත්‍රී සමාජශාලා ඇතුළු මත්පැන්හල් ඇතුළු මත්පැන් පානය කරන ස්ථාන ආශ්‍රිතව අද (11) අඛණ්ඩව බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. කර අහිංසක ජීවිත බිලි ගන්නා රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ වැඩපිළිවෙළ ඉතා වේගවත්ව අඛණ්ඩව සිදුකරන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

2018 වසරේ පමණක් බීමත් රියදුරන් 150094 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර බීමත් රියදුරන් සිදු කළ රිය අනතුරු හේතුවෙන් 2017 – 2018 කාලයේ දී පුද්ගලයන් 4398ක් තුවාළ ලබා 304ක් මියගොස් තිබේ.

වැඩි වශයෙන් සිකුරාදා දිනවල බීමත්ව රියපදවන්නන් අත්අඩංගුවට ගෙන ඇති බවත් එසේම සවස 4.00 සිට 8.00 දක්වා කාලය තුළ වැඩිපුරම බීමත් රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති බවට සමීක්ෂණ වාර්තා හෙළිකරන බවද හෙතෙම පැවසීය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »