ලෝකල් මධුෂ් සමඟ සබඳතා තිබූ සිය ගණනකගේ තොරතුරු එළියට

Mar 06, 2019 08.58am
feature-top
මාකදුරේ මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයා ලෙස සැලකෙන අත්අඩංගුවට පත් කැලුම් ඉන්දික හෙවත් ලෝකල් මධුෂ් නැමැත්තා සතුව තිබී ජංගම දුරකතන 132ක් සොයා ගෙන ඇති අතර, එමඟින් ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත් වු සිය ගණනකගේ අනන්‍යතාවයන්ද හෙළි කැර ගැනීමට කැලණිය කොට්ඨාශ අපරාධ ඒකකය සමත් වී තිබේ.

මේ අතර පන්නිපිටිය ව්‍යාපාරිකයාගෙන් සොරකම් කරන ලද රුපියල් කෝටි හත්සියයක් පමණ වටිනා දියමන්තිය මෙරටින් පැන්න වීම සම්බන්ධව දැනට අත්අඩංගුවේ පසුවෙන ලෝකල් මධුෂ් ලෙස හදුන්වන කැලුම් ඉන්දික නොහොත් කැලුම් ,මධුෂ් සමඟ දිනපතා දුරකතනයෙන් කතා කැර ඇති බවත් එම දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ උතුර කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පරීක්ෂණවලින් අනාවරණය කැර ගෙන තිබේ.

මොරටුව සහ පිටිගල ප්‍රදේශවල ප්‍රභුවරයකුගේ වෙසින් පෙනි සිට මධුෂ් සමඟ සම්බන්ධ වෙමින් මධුෂ්ගේ සමීපතම විශ්වාසදායකම මිතුරා ලෙස මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ජාවාරම කැර ගෙන ගොස් ඇති ලෝකල් මධුෂ් ලෙස හදුන්වන මෙම කැලුම් නැමැත්තා පෙරේදා අත්අඩංගුවට පත්විය.

මෙම කැලුම් නැමැත්තා සිටි මොරටුව නිවෙස පරීක්ෂා කිරිමේදී දියමන්තිය සමඟ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් චේන් ,මුදු ,බ්‍රේස්ලට් ,පෙන්ඩන්ට් සහ රුපියල් ලක්ෂ තිස්පහක් වටිනා සිංහ තෙල් දමා ඔහුගේ ආරක්ෂාවට දමා ඇතැයි කියන රන් සුරයක් ඇතුළු එම රන් අභරණ කැලුම් පැලදගෙන සිටි රත්තරන් වෙයි. ඒ අතර රුපියල් ලක්ෂ එකසිය පනහක මුදල්, ජංගම දුරකතන එකසිය විස්සක්, ඒවාට යොදා ගන්නා බැටිරි චාජ් ,එස්.ටි.එෆ්. පමණක් භාවිතා කරන එම් 6 වර්ගයේ ගිනි අවි වලට යොදන උන්ඩ, ටි. 56 වර්ගයේ ගිනි අවිවලට යොදන උන්ඩ දෙසියක්, පිස්තොල වලට යොදන උන්ඩ ඇතුළු උන්ඩ දහසකට ආසන්න ප්‍රමාණයක් ,හමුදා ඇදුම්වලට සමාන ඇදුම්, මාංචු කුට්ටමක් ,මෙම මාංචු කුට්ටම දියමන්තිය සොරකම් කරන අවස්ථාවේ විදේශිකයාට යොදන ලද මාංචු කුට්ටම බවටද හදුනා ගෙන ඇත. මේ ආකාරයෙන් කැලුම් නැමැති ලෝකල් මධුෂ් ගේ නිවෙසේ තිබි තවත් මත්ද්‍රව්‍ය මිලි ග්‍රැම් කිහිපයක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබේ.

තවදමෙමවැටලිම සිදු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකු කියා සිටියේ ලෝකල් මදුෂ් අත් අඩංගුවට ගෙන දියමන්තිය සොයා ගැනිමේ සිද්ධිය ඇතැම් පුවත් පත්වල පළ විමෙන් පසු මෙම සැකකරු විසින් තවත් ස්ථානයක සගවා තිබු ගිනි අවි තොගයක් එම ස්ථානයෙන් පිට කර ඇති බවයි සැකකරු අත් අඩංගුවට ගැනිමෙ සිද්ධිය වාර්තා විමත් සමග ඒවා සන්තකයේ තිබු පිරිස එම ගිනි අවි ඇතුළු තවත් භාණ්ඩ රැසක් ඒවා සගවා තිබු ස්ථානයෙන් පිට කර තිබේ . මදුෂ් ගේ මත්කුඩු ජාවාරම පමණක්නොව ගිනි අවි එකතු කිරිම ගෝලබාලයන් පත් කර ගැනිම විදෙස් රටවලට මුදල් යැවිම ඇතුළු සැම සියලු දෙයක්ම සිදු කර ඇත්තේ මෙම කැලුම් නැමැති පුද්ගලයා විසින් බවද හෙළි වි තිබේ.

මෙම දියමන්තිය සොරකම් කිරීමෙන් පසු එම කණ්ඩායම දියමන්තිය කැලුම් වෙත ලබා දිමෙන් පසු මාස ගණනාවක් එය තිබි ඇත්තේ කැලුම් ගේ මොරටු නිවෙසේය. ඇරැව්වල නිවෙසින් මෙම දියමන්තිය සොරකම් කිරීම පිණිස මධුෂ් කණ්ඩායම් තුනක් පත් කැර තිබි ඇත. එම කණ්ඩායම් තුනෙන් එක් කණ්ඩායමක් දියමන්තිය සොරකම කැර තවත් කණ්ඩායමකට බාර දිමෙන් අනතුරුව තවත් කණ්ඩායමක් එය කැලුම් වෙත ලබා දී ඇත. දියමන්තිය සොරකම් කළ දිනයේදීමය එදා සිට පොලිස් අත්අඩංගුවට පත්වු පෙරේදා දක්වා එය රටින් පිටමන් කිරීමට මධුෂ් සහ කැලුම් සැළසුම් සකස් කරමින් සිට ඇත. මෙම දියමන්තිය සම්බන්ධ තොරතුරු හෙළි කර ගැනිම පිණිස කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන එ්කකය මඟින් සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම දියමන්තිය තමන් සතුව තිබි සොරකම් කරන ලද දියමන්තිය බව එම දියමන්තියේ හිමි කරු වු ඇරැව්වල ව්‍යාපාරිකයා හදුනාගෙන ඇත. එය මුදලින් රුපියල් කෝටි පන්සියයක් පමණ වටින අතර එම දියමන්තිය සමඟ සොරකම් කරන ලද රුපියල් කෝටි දෙසියක් පමණ වටිනා මැණික් ගල් කිහිපය මෙම ජාවාරම්කරුවන් කාන්තාවන්ගේ රහස් ස්ථානවල සඟවා මෙරටින් පන්නවා මධුෂ් අතට පත් කැර ඇති බවට තොරතුරු හෙළි වී ඇත.

මධුෂ් පසුගිය පෙබරවාරි 4 වැනිදා ඩුබායි පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනිමට පෙර දිනපතා කැලුම් සමඟ දුරකතනයෙන් කතා කැර මෙම දියමන්තිය ඉතාමත් කඩිනමින් මෙරටින් පන්නවා ගත යුතු බවද පැවසු බව සැකකරු පොලිසියට පාපොච්චාරණය කැර තිබේ.

මධුෂ් අත්අඩංගුවට පත්වීමට පෙර දියමන්තිය පිට කිරීමේ සැලසුම සකස් කර ඇතත් එම සැලසුම කැලුම් දියත් කිරීමට පෙර මධුෂ් ගේ තවත් ගෝලයන් කිහිප දෙනකු කැළණිය අපරාධ කොට්ඨාශය මඟින් අත් අඩංගුවට ගෙන තිබුණි. ඉන් පසු කැලුම් එම අත්අඩංගුවට පත් සැකකරුවකුගේ දුරකතනයකට කතා කර පැලියගොඩ පොලිස් කොට්ඨාශයත් මිරිහාන කොට්ඨාශය පිස්සු බල්ලෝ වගේ දියමන්තිය සොයනවා. මට දියමන්තිය දුන් බව එහෙම කියන්න එපා යනු වෙන් දුරකතන ඇමැතුමක් දී කියා තිබේ. පොලිස් නිලධාරින් ඉදිරිපිට සිටින සැකකරුට ලබා දුන් එම දුරකතන ඇමැතුම අනුව එම දියමන්තිය ස්ථිර වශයෙන්ම කැලුම් සතුව ඇති බව පොලිසියට තහවුරු කැර ගැනිමට හැකි වී තිබුණි.

කැලුම් සහ මධුෂ් අතර මිතුරුකම ආරම්භ වි ඇත්තේ දෙදෙනාම පෞද්ගලික බස් රථයක සේවය කරමින් සිටිය දිය. පසුව මේ කැලුම් සිදු කරන ලද මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් 2005 වසරේ සිට 2015 වසර දක්වා බන්ධනාගාර ගත වී සිට ඇතත් දෙදෙනාම සිය ජාවාරම් දිගින් දිගටම කැර ගෙන ගොස් තිබේ. බන්ධනාගාරයෙන් පිටව යාමෙන් පසුව නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ගිනි අවි ජාවාරමද කරමින් මධුෂ් ගේ හොඳම මිතුරා බවට පත් වී මෙරට සියලුම මධුෂ් ගේ ජාවාරම් කටයුතු මේ ආකාරයෙන් කැර ගෙන ගෙසි ඇත. කැලුම් නැමැත්තා දිවයිනේ විවිධ ප්‍රදේශවල ධානපතියකු ලෙස වෙහෙර විහාර ඉදිකිරීම ඇතුළු බොහෝ දේ සිදු කැර දී තිබේ. ඔහුගේ ආරක්ෂාව පිණිස සිංහ තෙල් දැමු ලක්ෂ තිස්පහක් වටිනා සුරය සකස් කර දී ඇත්තේ දකුණේ ප්‍රබල ප්‍රසිද්ධ ජ්‍යොතිෂවෙදියකු විසින්ය. අවිවාහක පුද්ගලයකු වන කැලුම් නැමැත්තා වයස අවුරුදු 42ක් පමණ වන අයෙකි.

දියමන්තිය සොරා ගැනිමෙන් පසු තවත් අපරාධ රැසක තොරතුරු සහ මෙම දුරකතන සියයකට වැඩි ප්‍රමාණයේ ඇති දුරකතන අංක හෙළි කැර ගැනීමටත් ඒඅ නුව මෙම පුද්ගලයා සමඟ සම්බන්ධකම් පැවැත්වු පුද්ගලයන් සම්බන්ධ තොරතුරු හෙළි කැර ගැනිමත් ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ මෙන්ම ගිනි අවි ජාවාරමට සම්බන්ධ පිරිස් ඇතුළු බොහෝ තොරතුරු හෙළි කැර ගනිමින් ඉතා විශාල පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට කැළණි කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය බලාපොරොත්තු වෙයි. රදවා ගැනීමේ නියෝග යටතේ මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරිම සිදු වෙයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »