බීජිං හි දී ජාතික නිදහස් දින සැමරුමක්

Feb 08, 2019 10.24am
feature-top
ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික දිනය චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා ගේ ප්‍රධානත්වයෙන් බීජිං හි පිහිටි  ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් සමරණු ලැබීය.
 
මේ අවස්ථාව සඳහා ආගමික නියෝජිතයින්, චීනයේ විදේශ අමාත්‍යාංශ නිලධාරීන්, තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමග එරට සිටින ශ්‍රී ලාංකිකයන් රැසක් එක්ව සිටියහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »