ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධාන කමීටු වාර්තාව අද ජනපතිට

Jan 28, 2019 10.21am
feature-top
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අද (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිත බව එම කමිටු ආරංචි මාර්ග කියයි.
 
පසුගිය 07 වැනිදා පත් කළ මෙම කමිටුවට සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත් වේ.
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව අවම කර ගනිමින් ඉදිරියේදී එය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර අදාළ කමිටු නිර්දේශ තුළින් ඉදිරිපත් කෙරේ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »