තවත් ගිලන් රථ 132 ක් රෝහල්වලට අද

Jan 18, 2019 10.31am
feature-top
දිවයිනපුරා පිහිටි රෝහල් සඳහා ගිලන් රථ 132 ක් බෙදාදීම අද(18)පස්වරුවේ සිදුකෙරේ. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙනි.
 
මෙම ගිලන් රථ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2500 කි. ගිලන් රථ 250 ක් සියලු රෝහල් වලට බෙදාදීම සැලසුම වේ.
 
එංගලන්තයේ ෆෝර්ඩ් සමාගම සහ ජර්මනියේ බෙන්ස් සමාගම මෙම ගිලන් රථ නිෂ්පාදනය කර ඇත.
 
ඒ අනුව පළාත් සභා රෝහල් 103 කට, මධ්‍යම රජයේ රෝහල් 27 කට සහ ආයුර්වේද රෝහල් දෙකකට අද ගිලන් රථ ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »