තෛපොංගල් සඳුදා උතුරේ පාසල් වසයි

Jan 12, 2019 09.27am
feature-top
ජාතික යොවුන් තෛපොංගල් සැමරුම් උත්සවය මේ මස 18 සහ 19 වන දා ත්‍රිකුණාමලය - තඹලගමුවේදී පැවැත්වෙන බව ජාතික තරුණ සේවා සභාව පවසයි.

තඹලගමුව - කෝනනායගර් කෝවිලේ සහ ආදිකෝනේෂ්වරන් විද්‍යාලයේදී මෙම සැමරුම් උත්සවය පැවැත්වේ.

සිංහල, දෙමළ, මුස්ලිම් සංස්කෘතියට අනුව සකස් කළ කැවිළි වර්ග රැගෙන තරුණ, තරුණියන් දහසකට වැඩි පිරිසක් මෙම සැමරුම් උත්සවයට සහභාගි වන බව ද ජාතික තරුණ සේවා සභාව ද සදහන්.

මේ අතර, ලබන අඟහරුවාදාට යෙදෙන තෛපොංගල් දිනය නිමිත්තෙන් සඳුදා දිනයේදී සියලුම උතුරේ පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කලේය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »