පැනවූ බද්ද ඉවත් කළ හැකි දිනය දන්වන්න

Aug 03, 2018 09.43am
feature-top
එන්ජින් ධරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා පෙරේදා (1) පැන වූ බදු ඉවත් කළ හැක්කේ කවදාදැයි දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට ඊයේ (2) උපදෙස් දුන්නේය.

වර්ෂ 2018 අය වැය මගින් ඉදිරිපත් කළ යෝජනා අනුව එන්ජින් ධාරිතාව 1000ට අඩු හා හයිබ්‍රිඩ් වාහන බදු අගෝස්තු 1 දා සිට ඉහළ දැමුනි. එන්ජින් ධාරිතාව පහළ අගය ගන්නා වාහන අසීමිත ලෙස රටට ගෙන ඒම නිසා විශාල වාහන තදබදයක් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ඇති වන බව අදාළ අංශ අවස්ථා ගණනාවකදී ම රජයට වාර්තා කර තිබුණි. මේ තත්ත්වය හේතුවෙන් පෞද්ගලික සහ පොදු වාහන පාවිච්චි කරන්නන්ගෙන් රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ල වී ඇතැයි මුදල් අමාත්‍යාංශය අවස්ථා ගණනාවකදී ම කරුණු පෙන්වා දෙනු ලැබිණි.

ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතියත් සමඟම ප්‍රධාන වශයෙන්ම කොළඹනගරයේ වාහන තදබදය විශාල වශයෙන් අඩු කිරීමට හැකි බැවින් කුඩා වාහන සඳහා අය කළ බදු ඉවත් කළ හැකි වෙතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කරුණු වාර්තා කරනු ලැබීය.

ඉහත ආකාරයට සියලු පාර්ශ්වයන් කළ දැනුම් දීම් පදනම් කර ගනිමින් එන්ජින් ධාරිතාව අඩු වාහන බදු අඩු කළ හැකි කාල වකවානුව නිශ්චිතව දැනුම් දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »