සීගිරි මඟ පෙන්වන්නෝ විරෝධතාවක

Jul 10, 2018 10.06am
feature-top
සීගිරිය සංජාරක ම පෙන්වන්නන් අද (10) උදෑසන 07 සිට සීගිරියට පිවිසෙන ප්‍රධාන දොරටුව අවහිර කරමින් විරෝධතාවක නිරත වන බව සීගිරි සංචාරක උපදේශක සංගමය පවසයි.

ඒ සීගිරිය සංචාරක මඟ පෙන්වන්නෙකුට චීන ජාතිකයෙකු පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් බව වාර්තාවේ.

ඊයේ (09) දිනයේ චීන ජාතිකයින් 08 දෙනෙකු සමඟ සීගිරිය නැරඹීම සඳහා මඟ පෙන්වන්නෙකු ලෙස පැමිණි චීන ජාතිකයෙකු සහ මෙරට මඟ පෙන්වන්නෙකු අතර මෙම ගැටුම හටගෙන ඇත.

පසුව චීන ජාතිකයා විසින් මෙරට මඟ පෙන්වන්නාට පහර දී ඇති අතර ඔහු තුවාල ලබා මේ වන විට සීගිරිය - කිඹිස්ස ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම පහරදීමට විරෝධය පළ කරමින් මෙලෙස අද (10) මාර්ගෝපදේශන කටයුතුවලින් ඉවත්ව සිටීමට තීරණය කර ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »