කිරිබත්ගොඩ ත්‍රීරෝද රථයක කැපුම් තුවාල සහිත මළ සිරුරක්

Jul 09, 2018 11.08am
feature-top
කිරිබත්ගොඩ,නාහේන පාරේ ත්‍රීරෝද රථයක් තුළ තිබී කැපීම් තුවාල සහිතව මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබේ.
 
අද(09) අලුයම 3.00ත් - 3.30 ත් අතර කාලයේ දී කිරිබත්ගොඩ, නාහේන ගැමුණු මාවතට හැරෙන මංසන්ධිය අසල නිවසක දී මෙම පුද්ගලයාට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 40 ක් වු කිරියාදුරගේ ධනුෂ්ක තරංග ගුණරත්න නැමති නො 5/3, මැතිව් නිවාස, නාහේනවත්ත, හුණුපිටිය යන ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි.
 
මෙලෙස මියගොස් ඇති තැනැත්තා වත්තල හැදල හංදියේ ත්‍රීරෝද රථ රියදුරකු වන අතර ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිහියෙන් ඇන මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
 
පිහියෙන් ඇනීමෙන් අනතුරුව මරණකරු ත්‍රීරෝද රථයෙන්ම නිවසින් රැගෙන ගොස් එම ප්‍රදේශයේම අතුරු මාර්ගයක දමා ගොස් ඇති බව ද පොලීසිය පවසයි.
 
මේ වන විට මෘත ශරීරය සිද්ධිය වු ස්ථානයේ ඇති අතර කිරිබත්ගොඩ පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »