විගණන පනත අද පාර්ලිමේන්තු විවාදයට

Jul 05, 2018 09.58am
feature-top
ජාතික විගණන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය අද (05) සිදුකිරීමට නියමිතය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කලේ අද දිනය පුරා විගණන පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය පැවැත්වෙන බවයි.

අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව ආරම්භවීමෙන් අනතුරුව විගණන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කෙරේ.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »