කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමිට වෙඩි තියලා

Jun 13, 2018 09.21am
feature-top
කතරගම, කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් සහ එම විහාරවාසි හිමිනමක් ඉලක්කර කිසියම් පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමක දී උන්වහන්සේලා තුවාල ලබා රෝහල් ගතකර තිබේ. ඊයේ (12) රාත්‍රී 11.00 ට පමණ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී කිසියම් පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමක දී මෙලෙස උන්වහන්සේලා තුවාල ලබා දෙබරවැව රෝහලට ඇතුළත් කර තිබෙන අතර එයින් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත මාරුකර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

විහාරාධිපති හිමියන් සහ උන් වහන්සේගේ ගෝල හිමිනමක් විහාරස්ථානයේ පඩිපෙළ බසිමින් සිටින අතර වාරයේ දී ඒ ආසන්නයේ සැඟව සිට ඇති තුවක්කුකරුවන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවද එයින් පසුව වෙඩි තැබූ පුද්ගලයින් මෝටර් රථයක නැඟ පලාගොස් ඇති බවට අනාවරණය වන බවද පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »