BC ආකෘති පත්‍ර පුරවා ග්‍රාම නිලධාරීවරයාට බාර දෙන්න

Jun 11, 2018 12.16pm
feature-top
ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරිමට අදාල B.C ආකෘති පත්‍ර නිවැරැදිව පුරවා හැකි ඉක්මනින් ග්‍රාම නිලධාරිවරුන් වෙත බාරදෙන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉල්ලීමක් කරයි.

ඡන්ද නාමලේඛන සංශෝධයට අදාළ මෙම ආකෘති පත්‍ර ගෙයින් ගෙට බෙදාහැරිමේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබේ.

ඒ අනුව සියයට 90ක් පමණ අදාල ආකෘති පත්‍ර බෙදැහැරිම් අවසන් කර ඇති අතර එවා නිවැරැදිව පුරවා හැකි ඉක්මනික් යලි ග්‍රාම නිලධාරිවරුන් වෙත ලබා දෙන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »