එජාප උප සභාපති අැමැති මංගල

Jun 06, 2018 09.57am
feature-top
එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අැමැති මංගල සමරවීර මහතා පත් කෙරේ.

නව පත්වීම පිළිබඳව පසුගිය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශයට පත් කෙරිණි. එක්සත් ජාතික පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පත්වීමේ ලිපිය මංගල සමරවීර මහතාට බාර දී ඇත.

මංගල සමරවීර මහතා නව උප සභාපති ලෙස පත් කිරීම 2018  අප්‍රේල් 26 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බව පත්වීම් ලිපියේ සඳහන්වේ.

එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධාන යෝජනා ලබා ගැනීම සඳහා පත් කෙරුණූ රුවන් විජයවර්ධන කමිටු වාර්තාවෙන් පක්ෂයේ සියලු තනතුරු වෙනස් විය යුතු බව නිර්දේශ කර තිබු අතර ඒ අනුව ප්‍රධාන තනතුරුවල වෙනස්කම් මීට ඉහතදී සිදු කෙරිණි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »