නි.කතානායක පත් කිරීමට අද ඡන්ද විමසීමක්

Jun 05, 2018 09.22am
feature-top
නියෝජ්‍ය කතානායකවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද ( 05) පාර්ලිමේන්තුවේදී සිදුකිරිමට නියමිත වේ.

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ආනන්ද කුමාරසිරි මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්කළ මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ නමත් දැනට යෝජනා‍ වී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ දහසය දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නමද යෝජනා වී තිබේ. කෙසේ වුවද නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති හෙයින් මේ සඳහා ඡන්ද විමසීමක් සිදුකිරීමට නියමිත වේ.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුව පස්වරු 1.00 ට පමණ අද රැස්වීමට නියමිත අතර දිනට නියමිත ප්‍රධා‍න කටයුත්ත ලෙස නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පත් කිරීම සිදුකිරීමට නියමිත වේ. මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදි කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ නම් කිහිපයකට වඩා ඉදිරිපත් වන්නේ නම් ඡන්ද විමසීමක් සිදුකළ යුතු බවයි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »