පක්ෂයේ මන්ත්‍රීන්ට අගමැතිතුමා දුන් උපදෙස් ඉතා වටිනවා

Jun 04, 2018 09.29am
feature-top
කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි

වර්තමානයේ දී බාහිර සහ අභ්‍යන්තර වශයෙන් පැන නැඟී ඇති යම් යම් නොසන්සුන්කම් සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදක්වා කටයුතු කරගෙන යන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැවැසීම කියා නිම කිරීමට බැරිතරම් වටිනා බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ පැවැසූහ.

කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් පරිදි ඉවසීම, බුද්ධිය සමඟ තැනට ඔබින නුවණ අගමැතිවරයාගේ ක්‍රියාවෙන් ඉතා හොඳින් දැක ගන්නට ලැබුණු බව කී මහා නාහිමියෝ ඉදිරියේදීත් එවැනි ඉවසිලිවන්ත, ගුණවන්ත, බුද්ධිමත් තීරණ ගෙන ඇති විය හැකි අතුරු ආබාධ වළක්වමින් රට නිසි මඟට ගැනීමට අවශ්‍ය, මහජන සහයෝගය නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරන බව කීහ.

සදාචාරය, සාමය සහ සමෘද්ධිය වර්ධනය කිරීමට සමත් බුද්ධිමත් පාලකයකු වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැදින්වීමට හැකි බව ද මහා නාහිමියෝ මෙහි දී වැඩි දුරටත් පැවැසූහ.

නුගේගොඩ, නාලාන්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයේ දී නාහිමියෝ මේ බව පෙරේදා (02) පැවැසූහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මේ උත්සවය පැවැත්විණි. 


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »