ශ්‍රී ලංකාවේ සමෘද්ධියට උපරිම සහය

Jun 01, 2018 10.17am
feature-top
අමෙරිකා මන්ත්‍රී කණ්ඩායමෙන් සහතිකයක්
ශ්‍රී ලංකාව ශක්තිමත් සහ සමෘද්ධිමත් රටක් ලෙස ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීම තම රටෙහි ප්‍රතිපත්තිය බව නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයෝ අවධාරණය කරති.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව මෙන්ම ලෝක සාමය වෙනුවෙන් ද අතිශය වැදගත් බව සඳහන් කළ නියෝජිතයෝ, දෙරට අතර ආරක්ෂාව සහ ආරක්ෂක හමුදා සහයෝගීතාව වඩා ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගත හැකි නව පියවර පිළිබඳ සොයා බැලීම තම ශ‍්‍රී ලංකා සංචාරයේ අරමුණ බව සඳහන් කළහ.

එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලයේ හමුදා සේවා කමිටුවේ සභාපති මැක් ක්ලෙනින් තෝන්බෙරි මහතාගේ නායකත්වයෙන් යුතු නියෝජිත කණ්ඩායම පසුගිය 29 හා 30 දිනයන්හි ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර එන්රික් කුඑලර්, විකි හාර්ට්ස්ලර්, කැරොල් ෂී පෝටර් මහත්ම මහත්මීන් ද එම කණ්ඩායමට අයත්වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »