ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුව අගෝ: 28දා විභාගයට

Jun 01, 2018 10.14am
feature-top
සතොස ආයතනයේ සේවකයින් 153ක් දේශපාලන කටයුතුවලට යොදා ගනිමින් රජයට රුපියල් කොටි හතරක් පාඩු කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු වෙළෙද පාරිභොගික කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් නඩුව ලබන අගෝස්තු 28 වන දින විභාගය සදහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ඊයේ (31) දින නියම කෙළේය.

අල්ලස් කොමිසම විසින් ඊයේ හිටපුඇමැතිවරයාට ඇතුළු තිදෙනාට සංශෝධිත චෝදනා පත්‍රයක් ගොනු කළ අතර අදාළ චෝදනාවන්ට අධිකරණය හමුවේ විත්තිකරුවන් නිවැරදිකරුවන් බවට ප්‍රකාශ කිරිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුව විභාගය සදහා දින නියම කෙළේය.

මෙම නඩුවට අදාළව විත්තිකරුවන් විසින් පුර්වගාමි මහෙස්ත්‍රාත්වරයා හමුවේ මුලික විරෝධතා ගෙනු කර තිබු අතර

මුලික විරෝධතා ඉකුත් ජනවාරි 18 වන දින ප්‍රතික්ෂ්‍රේප කළ මහෙස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට එරෙහිව නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තිරණය කෙළේය.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »