තායිලන්ත යුද නෞකා 03ක් දිවයිනට

Apr 07, 2018 10.02am
feature-top
තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකා 03 ක් කොළඹ වරායට සේන්දු වී තිබේ.

පුහුණු සහ සුහඳ සංචාරයක් සඳහා එම නෞකා ඊයේ කොළඹ වරායට සේන්දු විය.

නාවික හමුදාවේ පැවසුවේ තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් බන්පාකොන්, මකුත්‍රාජකුමාන් සහ පට්ටනී යන යුද නෞකාවන් ත්‍රිත්වය එළෙස පැමිණි බවයි.

දින 05 ක සංචාරයක් සඳහා සේන්දු වූ එම නෞකා ලබන මස 09 වන දා දිවයිනෙන් පිටත් වීමට නියමිත ය

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »