භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වෙයි

Mar 14, 2018 02.19pm
feature-top
බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් විදෙස් මාධ්‍ය වෙත දැනුම් දී තිබේ.

කලක සිට පැවති රෝගයක් හේතුවෙන් ඔහු මියගොස් ඇත.

ස්ටීවන් හෝකින් මිය යන විට 76 වන වියේ පසුවිය. 

කළු කුහර, විශ්වයේ සම්භවය, එහි ආරම්භය, ව්‍යුහය, කාලය සහ අවකාශය අතර සම්බන්ධතාවය වැනි දෑ පිළිබඳව සොයා ගෑනීම් කිරීමට වෙහෙසුනු ඔහු ජීවිතයෙන් සමුගැනීම අනාගත ලෝකයට විශාල පාඩුවක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »