ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ

Mar 08, 2018 10.50am
feature-top
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 10.00 ට ඉවත් කර සවස 6.00 ට නැවත පැනවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්සනින් නිකුත් වූ නිවේදනයක දැක්වූයේ ඊට අදාළ නියෝග ජනාධිපති ලේකම්වරයා විසින් පොලිස්පතිවරයා වෙත යවා ඇති බවයි.

ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබාදීමට ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් සලකා ජනාධිපතිතුමා විසින් මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »