ඔළුවිල් සංවර්ධන සැලසුම් සැකසීමට අන්තර් අමාත්‍යාංශ කමිටුවක්

Mar 05, 2018 09.14am
feature-top
ඔළුවිල් වරායේ ඉදිරි කාර්යයන් විධිමත් කරලීමේ සැලසුම් සැකසීම සඳහා අන්තර් අමාත්‍යංශ කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරයි.

පසුගිය පළාත් පාලන ඡන්ද සමයේ දුන් ප්‍රතිඥාවක් අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔළුවිල් වරායේ නිරීක්‍ෂණ චාරිකාවකට ඊයේ(04) සහභාගී වූ අවස්ථාවේදි එම තීරණයට එළැඹ තිබේ.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමටද පියවර ගැනේ.

වාණිජ මට්මමෙන් ලාභදායී ලෙස වරාය මෙහෙයුම් පවත්වාගෙන යෑම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණු අතර වරාය තුළ ගැඹුරු කළ යුතු ස්ථාන මෙන්ම වරාය අසබඩ සංචාරක නිකේතන සම්බන්ධයෙන්ද ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අගමැතිවරයා කරුණු නිරීක්‍ෂණය කළේය. අම්පාර ප්‍රදේශයේ පුරවැසි කණ්ඩායම් කිහිපයක් අගමැතිවරයා හමුවීමට කළ ඉල්ලීම් අනුව, වරාය සංචාරයෙන් පසු ඔවුන් හමුවී සාකච්ඡා කිරීමට ද වික්‍රමසිංහ මහතා සිය කාලය ලබා දුන්නේය. 


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »