ඉදිරි දිනවලදී රට තුළ දැනෙන වෙනසක් කරන බව ජනපති ප්‍රකාශ කළා

Feb 12, 2018 11.02am
feature-top
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දිනවලදී ඉතාම පැහැදිලි කඩිනම්ව දැනෙන වෙනසක් රට තුළ සිදුකරන බව ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ප්‍රකාශ කරති.

ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරයාට තිබෙන බලතල සම්බන්ධයෙන් තමන්ට තීන්දු කළ නොහැකි බවද ඔවුහු පැවසූහ.

ඊයේ (11) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ ප්‍රකාශ කළහ. 


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »