දූෂණ ගැන කතා කරන්න එකම වේදිකාවකට එන්න

Feb 06, 2018 10.18am
feature-top
හොරකමට, වංචාවට, දුෂණයට, නාස්තියට හා මිනීමැරුම්වලට විරුද්ධව අවංකව සහ නිවැරදිව තමන් සමග මුහුණට මුහුණ කතා කිරීමට හැකිනම් එකම වේදිකාවකට පැමිණෙන්නැයි තමා මේ රටේ ප්‍රධාන දේශපාලන නායකයන්ගෙන් ඉල්ලන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ (04) පස්වරුවේ පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ යුත්තේ සොරුන් රකින පක්ෂයක් ද, සොරුන්ට දඬුවම් ලබාදීමට හැකි පක්ෂයක් ද කියා මේ රටේ ජනතාව තීරණය කළයුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මෙවර මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවන ලෙස තමා ඉල්ලා සිටින්නේ තමා පුද්ගලිකව ශක්තිමත්වීමට නොව දූෂණයට, වංචාවට, හොරකමට සහ නාස්තියට විරුද්ධ තම ප්‍රතිපත්තිය සහ දර්ශනය ශක්තිමත් කිරීමට බව ද පැවසීය. එවිට පිරිසුදු පාලනයක් තුළ රට ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළ කාර්යක්ෂම කළහැකි බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දිඹුලාගල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි. උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත මාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්වූහ.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »