එයාර්ලංකා-මිහින්ලංකා කොමිසම පත්කරන ගැසට්ටුවට අත්සන් තැබුවා

Feb 03, 2018 10.35am
feature-top
එයාර්ලංකා සහ මිහින්ලංකා පිළිබඳ සිදු වූ වංචා දූෂණ සොයා බලන කොමිසම පත්කිරීම සඳහා වූ ගැසට් නිවේදනයට තමා ඊයේ (2 දා) අත්සන් කළේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (02) කුරුණෑගල හෙට්ටිපොළ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමුවකට එක්වෙමිනි. ලබන සතිය වන විට පත්කරන ලද මිහින්ලංකා හා එයාර්ලංකා වංචා දූෂණ සොයා බලන කොමිසම තම වැඩකටයුතු ආරම්භ කරන බව ද ජනපතිවරයා එහි දී කියා සිටියේය. 


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »