‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහන ජනපති මූලිකත්වයෙන් ඇරැඹේ

Sep 09, 2017 10.10am
feature-top
දරුවන් සුරකිමු' ජාතික වැඩසටහනේ සමාරම්භය ඊයේ (8) පෙරවරුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

දරු පරපුර සුරක්ෂිත කොට ඔවුන්ට සමාජයේ ආරක්ෂාකාරීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ජනාධිපති කාර්යාලය දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ක්‍රීයාවට නංවා තිබේ.

ආබාධ සහිත දරුවන් සිටින පාසල් සඳහා ප්‍රවේශ මාර්ග හා අනෙකුත් පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදිම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

පාසල් ශිෂ්‍යාවක අඳින ලද ජනාධිපතිවරයාගේ ජායාරූපයක් මෙහිදි ජනාධිපතිවරයාට පිළි ගැන්විණි.

අැමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප්‍රධාන අැමැති සරත් ඒකනායක යන මහත්වරුන් ද මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුථ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »