ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජනපති සුබපතයි

Feb 20, 2017 09.02am
feature-top
ඔස්ට්‍රේලියාව සමඟ පැවති පන්දු වාර 20-20 දෙවැනි ක්‍රිකට් තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගනිමින් තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත දුරකථන ඇමතුමක් ලබා දුන් ජනාධිපතිවරයා මෙලෙස සිය සුබපැතුම් පළ කළ අතර මෙම ඓතිහාසික ජයග්‍රහණය ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් ලබා දුන් බවද ප්‍රකාශ කළේය.

එමෙන්ම තරගයේ විශිෂ්ටතා දැක්වූ අසේල ගුණරත්න ක්‍රිකට් ක්‍රීඩකයා වෙත සිය විශේෂ සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාරිත්වය වෙත ද සුබ පැතුම් පිරිනැමීය.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »