රතන හිමි ස්වාධීන වීම ත්‍රිපුද්ගල කමිටුවකින් විමර්ශන

Feb 20, 2017 08.57am
feature-top
අතුරලියේ රතන හිමියන් ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කිරීම පිළිබඳ කඩිනමින් සොයා බැලීම සඳහා තිදෙනකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත්කළ බව ජාතික හෙළ උරුමයේ සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියෝ ප්‍රකාශ කළහ.

ඊයේ(17) පස්වරුවේ බත්තරමුල්ල ජාතික හෙළ උරුමය මූස්ථානයේ පැවති මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති අතර මෙම අවස්ථාව සඳහා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක, සම සභාපති නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, පළාත් සභා මන්ත්‍රීනී නිරෝෂා අතුකෝරල මහත්ම මහත්මීන් ඇතුළු මධ්‍යම කාරක සභිකයන් මේ අවස්ථාවට සහභාගි වූහ.

තමන් වහන්සේ සහ නීතිඥ එම්. සී ජයරත්න, නීතිඥ ටියුඩර් පෙරේරා මහත්වරුන්ගෙන් විමර්ශන කමිටුව සමන්විත වන බවද කී හැඩිගල්ලේ හිමියෝ මෙම විමර්ශන කටයුතු පක්ෂයේ අභ්‍යන්තර කටයුත්තක් සේ සලකා ක්‍රියා කිරීමට තීරණය කළ බව ද කීය. මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරු 4.30ට පමණ ආරම්භ වූ අතර පස්වරු 7.40 ට පමණ දැඩි තර්ක විතර්ක මධ්‍යයේ පැවැත්විණ.

මධ්‍යම කාරක සභාවේදී රතන හිමියන්ගේ අතීත ක්‍රියාකාරකම් ද සාමාජිකයන් සිහිපත් කර ඇති අතර පසුගිය කාලයේ උන් වහන්සේගේ ක්‍රියාකරකම් පිළිබඳ ද සාමාජිකයන් මෙහිදී දැඩි කනගාටුව පළ කර තිබේ. දැනට ක්‍රියාත්මක වන පක්ෂයේ ව්‍යවස්ථාව අනුව ජාතික හෙළ උරුමයේ සියලු දෙනා ක්‍රියා කළ යුතු බව ද මෙහිදී අවධාරණය කර තිබේ

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »