ආපන ශාලා හිමියන් වර්ජනයකට සැරසේ

Feb 16, 2017 09.00am
feature-top
රටේ පවතින සහල් ගැටලූවට කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් කොළඹ බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල ආපනශාලා ලබන 19 වෙනිදා වසා දමමින් වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක අසේල සම්පත් සඳහන් කළේ ඉල්ලීම් 05ක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

රාජ්‍ය ආයතන, සරසවි සහ වෛද්‍ය පීඨවල ඇති ආපනශාලා සදහා සහල් සහනාධාරයක් ලබාදෙන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරිණ.

සිය ඉල්ලීම් සඳහා බලධාරීන් කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් දිවයින පුරා ආපනශාලා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද සදහන්.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »