තියුණු ආයුධවලින් පහර දී අයෙකු මරුට.

Feb 16, 2017 08.58am
feature-top
මීගොඩ, වටරැක, ගම්මාන පාරේ සිට ගාලබැඳිහේන ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට අතරමග සැඟව සිටි දෙදෙනෙකු විසින් පහර දී ඝාතනය කර තිබේ.

අදාළ පුද්ගලයින් දෙදෙනා පසු පස ලුහු බැඳීම හේතුවෙන්, යතුරු පැදිය මාර්ගයේ ලිස්සා යාමෙන් යතුරු පැදිය සමග ඇද වැටී ඇත.

අනතුරුව ඔවුන් බේරීම සඳහා යතුරු පැදිය එතැන දමා පැන යන අතරමගදී සැකකරුවන් ඔවුන් පසු පස ලුහු බැද එක් අයෙකු අල්ලා තියුණු ආයුධ වලින් පහර දීමෙන් පසු පහර කෑ පුද්ගලයා මරුමුවට පත් වී ඇත.

ඔහු සමග ගමන් ගත් අනෙක් පුද්ගලයා සැකකරුවන්ගෙන් මිදී පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පාදුක්ක, ලියන්වල, පන්සල පාරේ පදිංචි, එක්දරු පියෙකු වන වීරක්කොඩිගේ පුෂ්පකුමාර නමැති (27) අයෙකි.

සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »