හොරෙන් අමෙරිකා ගිය අපේ 6ක් අත්අඩංගුවේ

Feb 15, 2017 09.11am
feature-top
නීති විරෝධී ලෙස සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන් 6 දෙනකු ඇතුළු පුද්ගලයන් 14 දෙනකු අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහි දී අත්අඩංගුවට ගෙන තිබේ.

එරට වෙරළාරක්ෂක බලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර නීති විරෝධී ලෙස මේ සංක්‍රමණිකයන් රැගෙන ගිය පුද්ගලයා කියුබානු ජාතිකයකු බවට අනාවරණය කරගෙන ඇත.

ෆ්ලොරිඩා මුහුදු තීරයේ දී මොවුන් රැගත් යාත්‍රාව අමෙරිකානු වෙරළාරක්ෂක නිලධාරීන්ගේ භාරයට පත්ව තිබෙන අතර, ශ්‍රී ලාංකිකයන්ට අමතරව ඉක්වදෝරය, ජැමෙයිකාව සහ චීනය යන රටවල සංක්‍රමණිකයන් ද එහි ගමන්කර තිබෙන බව වාර්තා වෙයි. බහාමා දූපත්වල සිට සැකකටයුතු බෝට්ටුවක් පැමිණෙන බවට අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය වෙත වාර්තා වී තිබෙන අතර, ඒ අනුව ඔවුන් විසින් සිදුකළ මෙහෙයුමක දී මේ සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වුවද මේ සංක්‍රමණිකයන් රැගෙන යාම සඳහා කටයුතුකර තිබෙන කියුබානු ජාතිකයා අමෙරිකාවේ නීත්‍යානුකූල පදිංචිකරුවකු බවට මේ වන විට අනාවරණය කරගෙන ඇතැයි ද වාර්තා වෙයි.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »