බලපත්‍ර නොමැති බස් රථ 25ක් ධාවනයේ

Feb 14, 2017 08.48am
feature-top
කොළඹ සිට යාපනයට බලපත්‍ර නොමැති බස් රථ 20 ක් ධාවනය වන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර සඳහන් කළේ, එම බස් රථ රාත්‍රී කාලයට ධාවනය වන බව ය.දක්ෂිණ අධිවේගි මාර්ගයේ බලපත්‍ර නොමැතිව බස් රථ 05 ක් ධාවනය වන බව ද සභාපතිවරයා පැවසීය.

එම බස් රථ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමග පරික්ෂා කිරිම් ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.

බලපත්‍ර නොමැතිව ධාවනය වන බස් රථයක් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ දෙකක් දක්වා දඩ මුදලක් නියම කළ හැකි ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »