දකුණු ආසියා ප්‍රසම්පාදන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

Feb 13, 2017 08.51am
feature-top
ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් අත්කරදෙන දකුණු ආසියානු කලාපිය 04 වන ප්‍රසම්පාදන සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ 21-23 දක්වා කොළඹ සහ මහනුවරදී අභිමානවත්ව පැවැත්වේ.

වසර 2011දී නේපාලයේ කත්මණ්ඩු නුවරදි ඇරැඹි ප්‍රසම්පාදන සමුළුව වසර 2014 දී පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර දී මුළු දුන්නේය. එයට පසුව වසර 2015 දී බංගලාදේශයේ ඩකා නුවර මේ සමුළුව පවත්වා ඇත.

විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදයකට අප රට යොමු වීම වැදගත් බව අවබෝධ කරගත් රජය මේ අන්දමට 04 වන සමුළුව මේ රටේ පැවැත්වීමට තීරණය කෙළේය.

ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව, ඉස්ලාමීක් බැංකුව, මුදල් අමාතංශය, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව එකට එක්ව මේ සමුළුව සංවිධානය කරයි.

රටේ යහපත වෙනුවෙන් නව ආර්ථික සහ සමාජ පරිසරයක් ඇති ගැනීම සඳහා පමණක් නොව ,තිරසාර සංවර්ධනයක් උදෙසා ද පැහැදිලි ප්‍රවේශයක් ඇති කර ගැනීම කෙරෙහි රජයේ ඇති කැපවීම මල් ඵල ගැන්වීමට මේ සමුලව මෙරටෙ හි පැවැත්වීම ඉතා වැදගත් වන බව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පී. අල්ගම මහතා ප්‍රකාශ කෙළේය.

විද්යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදයකට රට යොමු කීරිමේන් රාජ්‍ය මුල්‍ය කළමනාකරණය වේගවත් වේ. කාර්යක්ෂම වේ. වගවීම වැඩි වේ. විනිවිදභාවය වැඩි වේ. අල්ලසට, ෂණයට තිබෙන ඉඩ අවම වේ.

ගෝලීය වශයෙන් ප්‍රසම්පානයේදී අප රට ළඟා කර ගත යුතු ඉහළ තැන හිමි කර ගැනීමට කලාපීය රටවල අත්දැකීම් බෙදාහදා ගැනීම මේ සමුළුවේදී අප බලාපොරොත්තු වන බව ද අල්ගම මහතා කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් ඇමති රවි කරුණානායක, මුදල් අමාතංශයේ ලේකම් ආචාර්ය ආර්. ඒච්.එස්.සමරතුංග, යන මහත්වරුන් ඇතුළු දේස් විදේස් ආරාධිතයන් රැසක් මේ තෙදින සමුළුවට එක්වෙනු ඇත. සමුළුවේ ඇරැඹීම අභිමානවත්ව කොළඹ දී පැවැත්වෙන අතර තාක්ෂණික සැසිවාර මහනුවර දී පැවැත්වෙන බව පී. අල්ගම මහතා සඳහන් කෙළේය. .



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »