හෙද – හෙදියන් 3000කගේ හිඟයක්

Feb 09, 2017 08.56am
feature-top
දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ, ඇතැම් රෝහල් මුලික රෝහල් දක්වා වර්ධනය වීම හේතුවෙන් එම හිඟය මතුව ඇති බව ය.

ඉදිරි වසර දෙක තුළ එම හෙද හිඟයට විසඳුම් ලබා දීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ යටතේ, ලබන වසරේ නව හෙද හෙදියන් 1000ක් බඳවා ගැනීමට නියමිත බව ද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »