හිටපු පොලිස්පති යළිත් පොලිස් සේවයට

Feb 08, 2017 09.43am
feature-top
ස්ථාපිත කිරීමට යෝජිත පොලිස‍් හා අපරාධ යුක්තිය පිළිබඳ විශ්වවිද්‍යාලය හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේය.

දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ මෙම පොලිස් විශ්වවිද්‍යාලය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීමට අදාළ නීතිමය අනුමැතිය ලබාගැනීමට ඉදිරි දිනවල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම විශ්වවිද්‍යාලය විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක් සමග අනුබද්ධව පවත්වාගෙන යෑමටත් සැලසුම් කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

අද දෙරණ ඇසුරෙනි

More News »