එජාප දේශන මාලාවේ පළමුවැන්න හිනිදුම

Feb 08, 2017 09.05am
feature-top
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ‘බලගතු ශ්‍රී ලංකාවක්’ සහ ‘වත්මන් දේශපාලනය එදා සහ අද’ මාතෘකා යටතේ එක්සත් ජාතික පක්ෂය දිවයින පුරා පැවැත්වීමට පියවර ගෙන ඇති දේශන මාලාවේ ආරම්භක දේශනය මේ සති අන්තයේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම මැතිවරණ කොට්ඨාසයෙන් ආරම්භ වේ. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සහභාගිත්වයෙන් මේ දේශනය පැවැත්වේ.

හිනිදුමෙන් ආරම්භ වන මේ දේශන මාලාව දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි සෑම සති අන්තයකම දේශන හතරක් බැඟින් පැවැත්වීමට පියවර ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා සඳහන් කරයි.

සති අන්තයේ දිනකට දෙක බැඟින් දේශන හතර ස්ථාන හතරක දී පවත්වන අතර, ඇමැතිවරයකු නොවන මන්ත්‍රීවරයකු සහභාගි වේ. ඊට අමතරව සන්නිවේදන බළකා සාමාජිකයන් දෙදෙනෙක්, ජාතික යොවුන් පෙරමුණු, එක්සත් ලක් වනිතා පෙරමුණු සහ එජාප වෘත්තියවේදීන්ගේ සංගමයේ සාමාජිකයෝ මේ වැඩපිළිවෙළට දායක වෙති.


දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »