සේවයෙන් පලා ගිය හමුදා සාමාජිකයන් පන්සියයක් අත්අඩංගුවේ

Feb 07, 2017 09.07am
feature-top
නිවාඩු නොලබා සේවයෙන් පලාගොස් කාලයක් තිස්සේ සේවයට වාර්කා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත් අඩංගුවට ගැනීමේ කටයුතු මේ වන විටත් කඩිනමින් ක්‍රියාත්මක වන අතර මේ වන විට පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

ඒ අනුව ඊයේ දින වන විට යුද්ධ හමුදාවට අයත් එක් නිලධාරියෙක් සහ සෙසු නිලයන් 313 දෙනෙක් නාවික හමුදා සාමාජිකයන් 133 සහ ගුවන් හමුදා සාමාජිකයන් 11දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බවත් අදාළ අංශ වෙතින් එම අය නොකඩවා අත් අඩංගුවට ගැනීම සිදු කරන බවත් බ්‍රිගේඩියර් සෙනෙවිරත්න මහතා පැවසීය.

නිවාඩු නොලබා සේවයෙන් පළා ගොස් සිටින හමුදා සාමාජිකයන් වෙනුවෙන් සහන කාලයක් පසු ගිය කාලය තුළ ප්‍රකාශයට පත් කර තිබියදීත බොහෝ පිරිසක් එම සහන කාලය ප්‍රයෝජනයට නොගෙන තවදුරටත් සැඟවී සිටිති.

මොවුන් අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව බ්‍රිගේඩියර් සෙනෙවිරත්න මහතා පවසයි.

ලබා දෙන ලද පොදු සමා කාලය තුළ නිලධාරින් සහ සෙසු නිලයන් නවදහසකට ආසන්න පිරිසක් සේවයට වාර්තා කර තිබිණි.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »